දේශීය පුවත්

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීම බැංකු විසින් අත්හිටුවා ඇත. ඒ අනුව විදේශයන් වෙතින් බැඳ මිලදී ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට අහිමිවී ඇත.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් වාණිජ බැංකු මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් අත්හිටුවා තිබේ.
මෙම ගැටලුව පිළිබඳව ඊයේ (19 වැනිදා) පවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සඳහන් කරන ලද්දේ ක්‍රෙඩිට් කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් අත්හිටුවා හෝ නොමැති බවයි. කෙසේ වෙතත් වාණිජ බැංකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බවද නියෝජ්‍ය අධිපතිනිය සඳහන් කළාය.

“දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ.”

එහිදී අදහස් පළකළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් සඳහන් කරන ලද්දේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වන බවයි.

“ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා ඒය මිලදී ගන්න පුළුවන්. නමුත් ඔබ වානිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10ක් හෝ 15ක් මිලදී ගන්න කටයුතු කරනවා නම් එය ප්‍රශ්නාර්ථයක් විය හැකියි.” යැයි අධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More