ප‍්‍රධාන පුවත්

නියෝජ්‍ය කථානායකවරයකු තෝරාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවීම මඟින් ජාතික ආණ්ඩුව සිය අවසානය කරා ළං වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන එජාපය සහ ශ්‍රී ලනිපය අතර පවත්නා එකඟතාවට අනුව…පාර්ලිමේන්තුවේ කථානායකවරයා එජාපයෙන් පත්කරද්දී නියෝජ්‍ය කථානායකවරයා සන්ධාන පාර්ශ්වයෙන් පත්කර ගත යුතුවේ.

දෙපාර්ශ්වය අතර වූ අදාළ එකඟතාවට අනුව නියෝජ්‍ය කථානායක ධුරයට පත්වූ තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ සඳහා තවත් අයකු නම් කිරීමේ අයිතිය සන්ධාන පාර්ශ්වය වෙත හිමි විය යුතු වුවත්, එජාපය විසින් එයට තමන්ගේ නියෝජිතයකු ඉදිරිපත් කිරීම තවදුරටත් ජාතික ආණ්ඩුවක් නොපවතින බවට පැහැදිලි සාක්ෂියක් යැයි එම විචාරකයෝ පෙන්වා දෙති.

ජාතික ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුකොටගෙන ශ්‍රී ලනිපය එයින් ඉවත් විය යුතු බවට මතවාදී සටනක් මීට වසරකට පමණ පෙර සිට ශ්‍රී ලනිපය තුළ ඇතිව තිබූ බවද ඔවුහු කියති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංගයට ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකුද ඇතුළත්ව මැති ඇමැතිවරුන් 16 දෙනකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර විපක්ෂයට එක් වූයේ ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලය උණුසුම් තත්ත්වයකට පත්වීම නිසා බවද පෙන්වා දෙන ඔවුහු නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමේදී ජාතික ආණ්ඩු එකඟතාවන්ට පිටුපෑම හරහා වෙන්වීමේ උච්චස්ථානය කරා එළැඹ ඇති බවද වැඩිදුරටත් පවසති.

එජාපයෙන් ආනන්ද කුමාරසිරි මහතාගේ නම නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා වූ අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජයග්‍රහණය කරවීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවශ්‍යතාවක් වූ බැවින් ඇයගේ නම යෝජනා කරන ලෙස ඇමැති මහින්ද අමරවීර මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබූ බවත්, එහෙත් අමරවීර මහතා විසින් ඇයගේ නම යෝජනා කිරීම මඟහැරි බවත් කියති.

මෙම ඡන්ද විමසීමෙන් ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වූ බවත් දැනට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිපයේ 23 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍ෙදාර විවෘත කර තිබෙන බවත් මේ ගැන ‘මව්බිම’ කළ විමසීමකදී ශ්‍රී ලනිපයෙන් ඉවත් වී මේ වන විට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප 23ගෙන් අතළොස්සක් ඡන්දය නොදී මඟ හැරීමට උත්සාහයක් ගත් අවස්ථාවේ ඡන්දය දෙන ලෙසට ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා හරහා කෙටි පණිවුඩ මඟින් දැනුම් දුන් බවද දැනගන්නට ඇත.
mawbima –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More