ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ මහජනයා දිගින් දිගටම පවසා සිටියේ හාල් කිලෝ එකක් රුපියල් දෙකකින් හෝ වැඩි කළහොත් වී ගොවියා, කුඩා මෝල් හිමියා, සිල්ලර වෙළෙන්දා ඇතුළු සියලු දෙනාටම රුපියල් ලක්ෂයක් දඩ ගසනවා යැයි පුරසාරම් දොඩන වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කිඹුලා බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් දයකිනුත් පාන් ගෙඩියක් රුපියල් පහකිනුත් වැඩි කරද්දී සිටින්නේ කොහොදැයි සොයා ගැනීමටවත් නොහැකි බව මහජනයා පවසති.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සමහර පුද්ගලයන් පවසා සිටියේ ගොවියා, කුඩා මෝල් හිමියා සහ සිල්ලර සහල් වෙළෙන්දාගේ බොටුව මිරිකන බන්දුල ගුණවර්ධන ඇමති තුමාගේ බොටුව ප්‍රීමා සමාගම සහ බේකරි හිමියන් මිරිකා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...