දේශීය පුවත්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට හැකි උපරිමයෙන්  කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ(19) ගුරු සංගම් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ගුරු සංගම් තිහක් පමණ නියෝජනය කරන කණ්ඩායම් සමඟ පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ අනුකමිටුව  එම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ගුරු  විදුහල්පති වැටුප් විෂමතාවයට නිවැරදි විසඳුම් ලබාදීමට  සැබෑ වුවමනාවක් රජයට ඇති බැවින් කමිටුව පත් කළ දින සිට කල් මැරීමකින් තොරව සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා පැවැත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රශ්නයට විසඳුම් දීම වෙනුවට කල් මැරීම සඳහා මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළ බවට  සමහරු චෝදනා එල්ල කළ ආකාරය ද සිහිපත් කල  අමාත්‍යවරයා සඳහන් කළේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කමිටුවේ කටයුතු අවසන් අදියරයට පැමිණීම එම චෝදනා එල්ල කළ අයට පිළිතුරක් වී ඇති බවයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු හතර දෙනෙකුගෙන් යුක්ත මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරිණි. ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ, මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කමිටුව සියලු තොරතුරු ලබා ගත් අතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ  ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන ගුරු සංගම් සමග සාකච්ඡා කෙරුණු  බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වැටුප් විෂමතාවය ඉවත් කළ යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර විපක්ෂයේ සිටින අවදියේ සිට ඒ සඳහා දිගින් දිගටම පෙනී සිටිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගැටලුව විසඳීම සඳහා  අවංක අවශ්‍යතාවයක් රජයට තිබෙන බැවින් රටේ පවතින වත්මන් තත්වය හමුවේ මෙම ගැටලුවට විසදුම් දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම   අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට පැවරුනු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More