දේශීය පුවත්

අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කර තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණදී ඇති අභියෝගය ජය ගැනිම යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මඟින් ඔවුන් වසංගත තත්ත්වය පාලනයට ගත යුතු පියවර 07ක් යෝජනා කර ඇත.

රට වසා දැමිමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් වුවද පවතින තත්ත්වය හමුවේ රට වසාතැබිමකින් තොරව කොවිඩ් රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙළීමට නොහැකි වන බව සිය විශ්වාසය බව එම පක්ෂ නියෝජිතයින් අදාළ ලිපියෙන් පෙන්වා දී තිබේ.

වර්තමානයේ දී රට විවෘතව පැවතුණ ද නිරෝධායනය වන හා රෝගයට බියෙන් තැතිගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇති අතර රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එමෙන්ම මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේ ද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවත් පත් කළ යුතු බව ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

විශේෂයෙන් කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තා කිරිමේදී දත්ත විකෘති කිරීමට සම්බන්ධ සියලු නිලධාරින්ට තරා තිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බව ද අදාළ ලිපියේ සඳහන් ය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ වාසුදේව නානයක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙල උරුමයේ උදය ගම්මන්පිල යන මහත්වරුන් අදාළ ලිපියට අත්සන් තබා තිබේ.

මීට අමතරව ජාතික කොංග්‍රසයේ එ.එල්.එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ජි. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ට භාර දී ඇති සම්පුර්ණ ලිපිය පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More