ප‍්‍රධාන පුවත්

රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන් උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටේ හෙට දවසේ විශාල අනතුරකට මුහුණ පාන බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (05) පස්වරුවේ පැවසූහ.

දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය දී මෙම මාධ්‍ය හමුව පැවැත්විනි. එහිදී ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නා හිමියන් කියා සිටියේ අධ්‍යාපනයක් නොමැති දේශපාලන අධිකාරිය නිසා රට විශාල වශයෙන් විනාශ මුඛයට ඇද යන බවත් දීර්ග කාලයක් දේශපාලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකර සිටි නිසා බොහෝ ජනතාව තමන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසීමක් කරන නිසා මෙම මාධ්‍ය හමුව කැඳවා රට අනතුරට පත්ව ඇති නිසා මෙම ප්‍රකාශය සිදුකරන බවද උන්වහන්සේ සඳහන් කළහ

ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන අය සඳහා අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සිදු කළ යුතු බවත් එසේම දේශපාලඥයන් සඳහා වෙනම ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ආරම්භ කොට එහි ඉගෙන ගැනීමෙන් පසු ලැබෙන සහතිකයත් සමඟ දේශපාලනය කිරීම සඳහා නාමයෝජනා බාර ගැනීමේදී විශේෂ සැලකිල්ල දක්වා සිදු නොකළ හොත් රට බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් අවම තරමේ සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොමැති දේශපාලඥයන් රටේ අනාගතය ගැන තීන්දු තීරණ න්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරන්නට වූහ.

ජනපතිවරයාගේ වචනයෙන් ප්‍රකාශ කරන්නේ නම් මහ බැංකුව කැඩීමේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ කරන බවත් එහිදී මන්ත්‍රීවරුන්ට මහ බැංකුව කැඩූ මුදල් බෙදා දී ඇති බව ද ඇලෝසියස් මහතා හරියට සරදියෙල් කෙනෙකු මෙන් ක්‍රියා කළ බවද එහි එක් පැත්තක් වන්නේ සරදියෙල් ඇති හැකි අයගෙන් මුදල් ලබාගෙන නැති බැරි අයට ලබාදීම සිදුකළ බවය. එහෙත් ඇලෝසියස් සිදුකර ඇත්තේ අහිංසක ජනතාවගේ මුදල් අරගෙන නැතිබැරි දේශපාලනඥයන්ට බෙදාදීම සිදු කළ තිබෙන බවය.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ දින 100 වැඩපිළිවෙළ මෙරට අසාර්ථක වැඩපිළිවෙළක් බවත් එහෙත් එය මීට වසර ගණනාවකට ඉහත දී ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලක් බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ. එය මීට වසර අසූ පහකට ඉහත දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ එකක් බව ද පෙන්වා දුන්හ .එය කොපි කිරීමක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රිලංකාවේ ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු මෙතෙක් ජාතික නායකයකු බිහිවී නොමැති බවත් මෙරට දැනට ජාතික නායකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ නායකයින් බවත් ඔවුන්ට ජාතික නායකත්වයක් රට ගැන නායකත්වයක් ලබාදීමට මනා දැනුමක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

වර්තමාන ජාතික නායකයන් දේශපාලඥයන් කියා ගන්නා පිරිස් පක්ෂ නායකයින් පමණක්ම බවත් ඔවුන් ඡන්ද දායකයන් හා තමන්ගේ මැතිවරණ ආසනය පමණක් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා පිරිසක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලනඥයින් විරුද්ධ පක්ෂයේ සිටියදී කෙසේ හෝ උත්සාහ කරනු ලබන්නේ පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීම පමණක් බවත් බලයේ සිටින නායකයින් යැයි කියා ගන්නා පිරිස සිදුකරනු ලබන්නේ බලය තහවුරු කරගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද වරදාන තනතුරු ලබා දී බලය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහ ගැනීමක් පමණක් බවද උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළහ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More