මේ වන විට දිවයින පුරා උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකම කොවිඩ් අවධානම ඉහළ යෑම හේතුවෙන් ආයතන විශාල ගණනාවක් සහ ව්‍යාපාරික ස්ථාන ද වසාදමා තිබෙනවා.
මේ අතර අම්බලන්තොට ඩිපෝවේ සේවයේ නියතු සේවකයින් පිරිසකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්ථා වනවා.
ඊයේ (17) වන විට ඩිපෝ සේවකයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මෙසේ හඳුනාගත් පිරිසකට සිදු කළ PCR පරීක්ෂණන්ගේ වාර්ථා පැමිණීමට ප්‍රථම ඔවුන්ව සේවයෙහි යොදවා තිබෙන අතර, ඒ හේතුවෙන් ඩිපෝවේ සේවයේ නියුතු අනෙකුත් සේවකයින්ගේ සහ මගීන්ගේ සෞඛ්‍යාරක්ශාව පිළිබඳව දැඩි අවදානමක් මතුව තිබෙනවා.
අදාළ ඩිපෝවෙහි පාලන අධිකාරිය ආසාදිතයින් සහ ඔවුන්ගේ පවුල් වල පුද්ගලයින් පිළිබඳව මෙතෙක් නිසි සෞඛ්‍යාරක්ශිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි එහි සිටින සේවක පිරිස් අපට පැවසූයේ.
තවද අද (18) දින එම ඩිපෝවෙහි සිටින තවත් 100කට අධික සේවක පිරිසකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කොට ඇති අතර, එහිදී කිසිවෙකුට වෛරසය ආසාදානය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ නමුත් ආසාදිතයින් වාර්තා වූ ප්‍රමාණය සහ ඔවුන්ගේ සමීපතමයින්ගේ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී අදාල රැපිඩ් ඇන්ටිජන් වාර්තාවන්ගේ ප්‍රථිපල පිළිබඳ සැකයක් පවතින බව අප වෙත අදහස් ප්‍රකාශ කල සේවකයින් සඳහන් කලා.
මේ හේතුවෙන් පවතින් අවදානම සැලකිල්ලට ගෙන එම ඩිපෝවෙහි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි අම්බලන්තොට ඩිපෝවට අනුයුක්තව සේවය කරන කාර්‍යමණඩලය හා ප්‍රදේශයේ ජනතාව ඉල්ලීම් කළද, ප්‍රදේශය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතාගේ ඉල්ලීම ද ඉවතලමින් හැකි පරිදි සේවකයින් යොදවා වැඩ කටයුතු සිදු කරන්නැයි පාලනාධිකාරිය විසින් නියෝග කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...