දේශීය පුවත්

මහනුවර දළදා පෙරහරේ ගමන් ගත් අලියෙක් අද රාත්‍රියේ දී කුලප්පු වුණේය.

මෙසේ කුලප්පු වූයේ කතරගම දේවාලයට අයත් අලි පැටවෙකි.

දළදා මාළිගාවේ සිට රැජන හෝටලයට එන අතරතුර මහ මළුව මධ්‍යයේ දී පාලනය කර ගැනීමට නොහැකි සේ එක් වරම නටන්නට පටන් ගත් බව වාර්තා විය.

මෙසේ දඟලන්නට වූයේ බෙර හඬ නිසා ද ආලෝක ධාරා නිසාදැයි නොදන්නා බවත් පෙරහර ආරංචි මාර්ග පැවසීය.

අනතුරුව දඟලන අලියාව නුවර වැව පැත්තට වන්නට පිහිටි යකඩ කණුවක ගැට ගසා තබා ඌ සරසා තිබූ ඇඳුම් ආයිත්තම් සහ බැටරි පෙට්ටි ගලවා ඉවත් කරන්නට අනතුරුව ඇත්ගොව්වා ඇතුලු පිරිසක් කටයුතු කර ඇත.

පසුව පත්තිනි දේවාලයේ රන් දෝලාව යන අවස්ථාව වනවිට පශු වෛද්‍ය නිලධාරීන් සහ ඇත්ගොව්වන් කණ්ඩායමක් පැමිණ අලියා සාමාන්‍ය තත්වයෙන් රැගෙන යන්න කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More