දේශීය පුවත්

කොරෝනා ප්‍රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දුෂ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව, නියම දෙවිවරු හදුනාගෙන දැන්වත් ඔවුන්ට ආරාධනා කර මේ ප්‍රශ්නය විසදන ලෙස වගකිව යුතු අංශවලින් තමන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ සදහන් කළහ.

පූජ්‍ය සෝභිත හිමියෝ එසේ ප්‍රකාශ කළේ පසුගියදා මාවනැල්ල උතුව්කන්ද ධර්මදුත විහාරයේ ඔසු තුරු උයන හා ආයුර්වේද වෛද්‍ය සායනය ආරම්භ කෙරුණු අවස්ථාවේදී පැමිණ පිරිස අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

“නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රජය කළ හැක්කේ එන්නත ගැසීම පමණක් වන හෙයින් ඉතිරි හරිය දෙවියන්ට භාරදෙන බවයි. එතුමාගේ ඒ මතය ඉතාම නිවැරදියි. දෙවියන් ගැන විශ්වාසය තියෙන හෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරදීම ඉතාමත් හොදයි. බැහැයි කොරෝනා ප්‍රශ්නයට ඔය දොරගුලු ලා ගෙන අඳුරුකුිටි තුළ වැඩ ඉන්නවාය කියන අදෘශෂ්‍යමාන දෙවිවරුන්ගෙන් නම් කිසිම වැඩක් වෙන්නේ නෑ. ඒ වෙනුවට දෘෂ්‍යමානව සිටින නියම දෙවිවරු හදුනාගත යුතුයි. ඒ නියම දෙවිවරු නම් වෛද්‍යවරුයි. දොස්තර මහත්වරු වෙද මහත්වරු මේ සියලු දෙනාම දෙවිවරු. කොරෝනා ප්‍රශ්නය භාර කළ යුත්තේ ඒ දෙවියන් වැනි දෙවිවරුන්ටයි. ඒ නිසා ඇමැතිතුමාට අපි කියනවා නියම දෙවිවරු හදුනාගෙන දැන්වත් නියම විදිහයට ආරාධනාව කරන්න කියලා. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය රජයේම අංශයයක්. එසේ නම් ඇයි ඒ අංශවලට කුඩම්මාගේ සැලකිලි? ප්‍රතිකාර කළ හැකිය කියන අයට රෝගීන් භාරදෙන්න. බහුජාතික සමාගම්වල හෝ වෘත්තීය සමිතිවල බලපෑමට වහල් නොවී කොන්ද පණ ඇති වැඩ කරන්න නව සෞඛ්‍ය ඇමතිතුමා ශක්තිය උපදවාගත යුතුයි.”

ලංකාදීප පුවත් පතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More