දේශීය පුවත්

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙකු ඇතුළු වෛද්‍යය කාර්ය මණ්ඩලයේ 24දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටී.

වෛද්‍ය අධිකාරිවරයාට අනුව හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද ආසාදිතයින් අතර සිටී.

ආසාදිත වෛද්‍යයවරුන් අතර අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකුද වන අතර දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියතු සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පවසා සිටී.

ආසාදිත වෛද්‍යය කාර්ය මණ්ඩලයෙන් ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පවසා සිටී.

මේ අතර රාගම ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග වලට අනුව රාගම රෝහලේ සේවය කළ 41 හැවිරිදි වෛද්‍යය රාසික් මොහොමඩ් ජනාත් මහතාද මිය ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී කොවිඩ් -19 වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය වෛද්‍යය ගයාන් දන්තනාරායන මහතාද පසුගිය අගෝස්තු 10 වන දා ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මියගිය වෛද්‍ය පද්ම ශාන්ත මහතා ද සමඟ මේ වන විට කෝවිඩ් ආසාදිතව වෛද්‍යයවරුන් තිදෙනෙකු මිය ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More