සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පූජ්‍යපාද කොටපොල අමරකිත්ති මාහිමිපාණන් වහන්සේ පත් කොට තිබේ.
සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතරම මහනායක, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අතිගරු මහා නායක, අග්ග මහා පණ්ඩිත, දොඩම්පහල චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විධායක සංඝ සභාව මීට පෙර දිනයකදී මෙම තීරණය ගෙන ඇත.
සේරුවාවිල රජ මහා විහාරයට අයත් මංගල ධර්ම කීර්ති ශ්‍රී, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරයද, මේ සමගම කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේට ප්‍රධාන කොට තිබේ.
මෙම පත්වීම තහවුරු කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද ලිපියක් නිකුත් කොට ඇත.
(කොළම්බු ටුඩේ වෙබ් අඩවිය )


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...