ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා කරණු ලැබූ “කවර් සෝන්ග්” එකක් හේතුවෙන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැග ඇති බව වාර්තා වේ.
ඇය කරණු ලැබූ “කවර් සෝන්ග්” එකට ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන අමිතා භච්චන් මහතා ” “මට දැන් මේක නතර කරගන්න බෑ” යනුවෙන් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහන හේතුවෙන් එම වීඩියෝව ඉහල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබූ බව වාර්තා වේ. එම වීඩියෝව මේ වන විට මිලියන 35කට වඩා නරඹා ඇති බවද වාර්තා වේ. මේ වන විට එම ගීතය හින්දි භාෂාවෙන්ද ගායනා කර තිබේ.
යොහානි ද සිල්වා 2009 වර්ෂයේ ප්‍රභාකරනේ ලේවැකි යුද්ධය අවසන් කළ “මානුෂික මෙහෙයුමේ” දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා ගේ වැඩිමහලු දියණියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...