කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා ඊයෙ(17) නියෝග කළේ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසයි.
ඊයේ(17) සවස කොළඹ ජාතික රෝහලට ගිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හෘදයාබාදයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැකකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඊයේ(17 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ 1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...