ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තාවල අවුල්සහගත තත්ත්වයක් ඇති බව අනාවරනය වීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවල ද එවැනිම අවුල්සහගත තත්ත්වයක් තිබෙන බවද වාර්තාවේ.
කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවලට අනුව අගෝස්තු 9 වැනිදා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව ආසාදිතයින් 321ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
එසේම පසුගිය 10 වැනිදා වසංගත රෝග විද්‍යා අංශය කෑගල්ල දිස්ත්‍රික්කයේන් ආසාදිතයින් 61ක් වාර්තා වූ බව ප්‍රකාශ කරන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 263ක් වාර්තා වූ බව පවසා සිටී.
එසේම පසුගිය 11 වැනිදා ද වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල කෑගල්ල දිස්‍රත්‍රික්කයට අදාලව ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගත් බව සඳහන් කළද එදින කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ සඳහන් වන්නේ ආසාදිතයින් 204ක් ලෙසයි.
අගෝස්තු 12 වැනිදා වසංගත රෝග විද්‍යා අංශය ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා කරද්දී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 300ක් බව වාර්තා කර තිබේ.
එසේම 13 වැනිදා ආසාදිතයින් 02 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරද්දී දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ ආසාදිතයින් 372ක් ලෙස සටහන් වන බවද කියවේ.
අගෝස්තු 14 වැනිදා ආසාදිතයින් 8 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරද්දී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 179ක් හඳුනාගත් බව පවසයි.
පසුගිය 15 වැනි දා ද ආසාදිතයින් 42ක් වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වන විට කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වාර්තා කරන රෝගීන් ගණන 226කි.
බරපතලම කාරණය නම් පසුගිය 16 වැනිදා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වන ආසාදිතයින් ගණන 13ක් වෙද්දී කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ ආසාදිතයින් 505ක් ලෙස ඉහළ අගයක් ගැනීමයි.
මේ අතර ඌව පළාතේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන ද අවුල්සහගත බව අද පැවති ඌව පළාත් කොවිඩ් රැස්වීමේදී අනාවරණ විය.
පළාත් ආණ්ඩුකාර A J M මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම රැස්වීමේදී හෙළි වූයේ ගෙවුණු පැය 24 තුළ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති තොරතුරු සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අතර පරස්පරතාවක් ඇති බවය.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව රෝගීන් 10 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ විට පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති රෝගීන් ගණන 298කි.
එසේම මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරන විට ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති රෝගීන් ගණන 440කි.
වසංගත රෝග විශේෂඥයන්ට අනුව නිවැරදි දත්ත නොමැතිව කිසිදු වසංගතයක් පාලනය කළ නොහැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...