පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉහළ ගාස්තු අය කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලද්දේය. එහිදී අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා ” පීසීආර් පරීක්ෂණයක වියදම රුපියල් 2500.00යි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක වියදම රුපියල් 1000.00යි. ඒ අනුව ලාභයකුත් තියාගෙන පීසීආර් පරීක්ෂණයක් රුපියල් 3000.00 ටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් 1500.00 කටත් කරන්න පුළුවන්.එහෙම කරන එක පුද්ගලික රෝහල් අංශයේ සමාජ වගකීමක්. නමුත් ආණ්ඩුවට හිතවත් පුද්ගලික රෝහල් හිමියන්ට ඕනෑ විදියට තමයි මිල නියම කරන්නේ.තවත් බොහෝ දේවල් එහෙමම තමයි. රෙදි කඩ කාරයින්ව සතුටු කරන්න අවුරුදු පොකුර හැදුවා. හෝටල් කාරයින්ව සතුටු කරන්න හෝටල්, ස්පා විතරක් නෙවෙයි හෝටල් වල මගුල් උත්සව වලටත් ඉඩ දුන්නා.ඊට සමාන්තරව හජ්ජි පොකුරකුත් හැදුවා. ඊට පෙර සීනි වෙළෙන්දන් සතුටු කරන්න වසරකට රුපියල් මිලියන 25,000ක් රජයට පාඩු කරගෙන එයාලට බදු සහන දුන්නා. මහජනයාට ලැබුණේ මිල අඩුවීම වෙනුවට මිල වැඩිවීමක්. දැන් කිරිපිටි ආනයනයකරුවන්ට බදු සහන දෙනවා. මේ මගින් මේ රටේ මහජනයාට සිදුවන පාඩුව වසරකට රුපියල් මිලියන 10,000ක් පමණ වෙනවා. මේ වගේ ජාතික අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුව නෑසු කන්ව සිටියොත් ආණ්ඩුව දැඩි මහජන අප්‍රසාදයකට ලක් වෙනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...