දේශීය පුවත්

ඇෆ්ඝනිස්ථානයේ බොහෝ ප්‍රදේශ මේ වන විට තලෙබාන් සටන්කාමීන් විසින් තම ග්‍රහණයට හසුකර ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර යටත් කර ගැනීමෙන් පසුව කාබුල් නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අධික තදබදය්කින් යුක්තව වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරන අතර එහි සිට පිටත්වීමට සුදානම්වන ගුවන්යානා වෙත නැගීමට ඇෆ්ඝන් වැසියන් දැඩි අරගලයක් දරණ බවද කියවේ.

සමහර ඇෆ්ඝන් වැසියන් ගුවන්යානාවල එල්ලී හෝ එරටින් පිටවීමට උත්සාහ දරණ අතර එවැනි දෙදෙනෙක් දැවැන්ත ගුවන්යානයකින් බිමට වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙයි.

2001 වසරේ සිට වසර 20ක් අමෙරිකාව සහ නේටෝ හමුදා ඇෆ්ඝනිස්ථානයේ බලය තහවුරු කරගෙන සිටිය නමුත් පසුගියදා ඔවුන් එරටින් පිටත්වීමට කටයුතු කළේය.

ඒ සමගම සිය අවි බලය යොදාගත් තලෙබාන් සටන්කාමීන් ඉතා කෙටිකලකදී එරට බලය නැවතත් ඩැහැ ගැනීමට සමත්විණි.

මේ වන විට කාබුල් ගුවන්තොටුපොළේ ඇතිවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් කිහිපදෙනෙක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More