සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියගේ සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී අමාත්‍යවරිය පවසා සිටියේ සෑම දෙයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ඇය අදහස් දක්වමින්,
“මම හිතුවේ නෑ එකපාරට මේ වෙනස වෙයි කියලා.
මම ඒත් යන්න ඉස්සෙල්ලා ඩොක්ට ට කිව්වා..
මිනිස්ට්‍රි ෂෆල් එකකට ද දන්නෑ කියලා.
ඒ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා.
මම එනකොට අමාත්‍යාංශයට..ඔබතුමන්ලා..
අනේ මේ ගෑණි චුතවෙලා ගියානම් කියලා..
කවුරුවත් හිතුව කියලා මම විශ්වාස කරන්නේ නෑ.
ඒත් අන්එක්ස්පැක්ටඩ් මොහොතක..
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබුණා.
මං එතන්ට යනකම්ම මම ඇත්තටම දැනන් හිටියෙත් නෑ..
මේ මාරුවීම සිද්ධවෙනවා කියලා.
කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් භාරගන්න ඕනේ.
අටුවා කතාවක තියෙනවා..
රජ්ජුරුවොයි පුරෝහිතයයි ගමනක් යනකොට..
රජ්ජුරුවො දුන්නෙන් විද්දලු මුවෙකුට.
කවදාවත් එහෙම ඉලක්කෙ වරදින් නෑ..වැරදුණාම පුරෝහිතයගෙන් ඇහුව ලු..
ඇයි මට මෙහෙම වුණේ කියලා.
ස්වාමීනි, වෙන්නේ හොඳට කියලා කිව්වලු.
තව ටිකක් කල් යනකොට..
රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා පුරුකක් වෙන් වුණා ලු..
ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා ඇහුවාම.
ස්වාමීනි, ඕක කැපුනෙත් හොඳට කියලා කිව්වා ලු.
ඉතින් ඒ ගමන රජ්ජුරුවන්ට කේන්ති ගිය පාර..
අර පුරෝහිතයව වළට දාලා..
රජ්ජුරුවෝ යන්න තියෙන පාරේ යන්නේ නැතුව අනික් පැත්තට ගියාලු.
ගියාම අහුවුණා ලු ගෝත්‍රික කණ්ඩායමකට.
ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටිය ලු.. මනුස්සයෙක් ව.
අරගෙන ගිහිල්ලා රජ්ජුරුවොව හොඳට නාවලා..
බිලි පූජාවට ගෙනිච්චා ලු.
බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මනුස්සයෙකුයි බිලි පූජාවට ඕනේ..
මෙයාගෙ ඇඟිල්ලේ කෑල්ලක් නෑ…මෙයාව අතහැරිය ලු.
ඒ ගමන රජ්ජුරුවෝ කල්පනා කළා ලු.
මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ.
මේ වෙන්නේ හොඳට කියලා කිව්වා නේ..
මම පුරෝහිතයා වළට දාපු එක අපරාදෙ..
මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දා නේ කියලා..
රජ්ජුරුවෝ ආපහු බොහොම වෙහෙස අමාරුවෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා පුරෝහිතයව ගොඩ අරගෙන කිව්වාලු..
සමාවෙන්න මට.
පුරෝහිතයා කිව්වා ලු..
රජතුමනි..මාව වළට දාපු එකත්..ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.
මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා.
ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු..
වෙන කරන්න දෙයක් නෑ.
දුකක් තියෙනවා ඇමතිතුමා..අලුත් ඇමතිතුමාටත් සහයෝගය ලබාදෙන්න.
මම තවමත් කියන්නේ තව සති 4ක වගේ කාලයක් අපිට තියෙන්නේ.
දැනට 54%කට අපි වැක්සිනේෂන් එක දීලා තියෙන්නේ.
තව සති 4කින් අපිට මේ රට බේරගන්න පුළුවන්.” යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...