දේශීය පුවත්

කාබනික වගාව සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක නිරත වන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ අභිනව මුදල් අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමාගේ තීන්දුවට අභියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් පත්‍රයට  අනුව ආනයන අපනයන පාලන පනත යටතේ අංක 11 ලෙස නිකුත් කර ඇති රෙගුලාසින් මගින් නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස් සහ එම මූල ද්‍රව්‍යය ත්‍රිත්වයට අඩංගු රසායනික පොහොර ආනයනය නැවත ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදී ඇති බවත් එම බලපත්‍ර ක්‍රමය තුළ නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීම මගින් සමාගම් වලට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණය ආනයනය කිරීමේ හැකියාව ඇති බවත් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙයි .

තවද මෙම ගැසට්ටුවට අනුව රසායනික පොහොර සහ වෙනත් ද්‍රව්‍යය මිශ්‍රකළ පොහොර වර්ග ආනයනය කිරීමේ හැකියාවද ඇති බව වෛද්‍යය  වසන්ත බංඩාර මහතා පවසයි.

ඒ අනුව අවසානයේදී කාබනික ද්‍රව්‍යය මිශ්‍ර කළ රසායනික පොහොර හෙවත් ව්‍යාජ කාබනික පොහොර සහ රසායනික පොහොර යන වර්ග දෙකම අනයනය කිරීමේ හැකියාව මෙම ගැසට්ටුවෙන් ලැබෙන බව පවසන වෛද්‍යය වසන්ත බංඩාර මහතා මෙම පටලැවිල්ල යම් කූඨ ජාවාරම්කරුවන්ගේ උවමනාවන්ට අනුව සිතා මතා සිදුකෙරෙන බවටද සමාජයෙන් චෝදනා එල්ලවීමට ඉඩ ඇති බවද අවධාරණය කරයි.

වෛද්‍යය වසන්ත බංඩාර මහතාගේ දීර්ඝ පැහැදිලි කිරීම සහිත ලිපිය…

කාබනික වගාව නම් වූ පටලැවිල්ල සහ ජාවාරම

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More