රටතුළ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණය කරන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවද හෙට (17) දිනයේ සිට ලබන සිකුරාදා දිනය දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑමට මීට පෙර තීරණය වී තිබුණි.
මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
ඔහුට අනුව සියලු පක්ෂ එක්වී රට මුහුණ දී ඇති ව්‍යසනයෙන් බේරීම සඳහා පියවර ගත යුතුව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...