කලා පුවත්

නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක්‌ ඕමානයේ ඇති බවට සොයාගෙන ඇත. මෙම ජීවිත රක්‍ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්‌කේ ශ්‍රීදේවි ඩුබායිහිදී මියගියොත් පමණකි. සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක්‌වී ඇති බවයි.

සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කර ඇත්තේ ශ්‍රීදේවියගේ රක්‍ෂණ ඔප්පුව ගැන ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වූ බවයි.

ඇයගේ රක්‍ෂණ මුදල ලබා ගැනීමට ඇයව ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සැළසුම් කළ අපරාධයක්‌ යෑයි එම නීතිවේදියා කීවේය.

ශ්‍රීදේවි ඝාතනය වී ඇති බව හිටපු සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් ද ප්‍රකාශ කර ඇත.

නවදිල්ලි පොලිසිය සුනන්දා පුස්‌කාර් මාධ්‍යවේදිනිය ඝාතනය ගැන තවදුරටත් සොයනවා. එහෙත් ඩුබායි පොලිසිය දින හතරකින් ශ්‍රීදේවියගේ මරණ්‍ය ගැන පරීක්‍ෂණ අවසන් කර පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබා දුන්නා යෑයි සහකාර පොලිස්‌ අධිකාරී භූෂාන් කියා සිටියේය.

එසේම ඇයගේ නමින් රක්‍ෂණ ඔප්පුව ලබා ගෙන තිබුණේ ඕමාන් රාජ්‍යයෙන්, මේ ඔප්පුවේ සඳහන් කර තිබුණේ ඇය ඩුබායිහිදී මියගියහොත් පමණක්‌ රුපියල් කෝටි 240 ලබා ගැනීමයි යෑයි හෙතෙම හෙළි කළේය.

ශ්‍රීදේවියගේ සැමියා වූ බෝනි කපූර් ණය ලබාගෙන ඇති බවත් ඔහු මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවද මාධ්‍යයට හෙළි වී ඇත.

එසේම ඇගේ මරණයට ඩුබායිහි සිටින පාතාල කල්ලි නායක ඉබ්‍රාහිම් ඩාවුඩ් සම්බන්ධ බවට ද හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයා චෝදනා කළේය.

ඩුබායි හෝටලයේ ශ්‍රීදේවියගේ කාමරයට යන ස්‌ථානයේ සීසීටීවී දර්ශන පවා මරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කර නැති බවද ඔහු කීවේය.

මම එම හෝටලයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබුණේ නැහැ යෑයි වෙඩ් භූෂාන් සඳහන් කළේය.

අඩි 5 අඟල් 2 ක්‌ උසැති ශ්‍රීදේවි නාන තටාකයේ වැටී මියගිය බවට කර ඇති ප්‍රකාශය තමා ප්‍රතික්‍ෂේප කරන බව ද ඔහු තවදුරටත් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More