අවිස්සාවේල රෝහලේ රයෙකු වන නජිත් ඉන්දික මහතා තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කළ බව ත්ම සමාජ ජාලා ගිනුමේ සඳහන් කරයි.
එම සටහන මගින් වෛද්‍යය්වරයා අනාවරණය කරන්නේ තමන් සේවය කරන රෝහලේ කොරෝනා වාට්ටුවේ තත්ත්වය පිළිබඳව සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් ගැන ඔවුන් එහිදී ප්‍රශ්න කළ බවයි.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා රහස් පොලිස් නිලධාරින් තමන්ව හමුවීමට පැමිණීමේ සිද්වීම පිළිබඳව තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
……………………………………………………………….
පෙරේදා හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ දැම්මෙ ඒ වෙලාවෙ දැනෙමින් තිබුණු හිතේ අමාරුවට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා. එහෙම ලිව්ව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියල දන්නවනෙ. ඒත් ලොකු අසරණකමක් දැනෙන වෙලාවට අපි ලොකුවට ඵලදායී නෑ කියල දැනගෙන උනත් සමහර දේවල් කරනවා. එහෙම කරන එකේ එකම අරමුණ හිත හදාගන්න එක විතරමයි. ඒකත් එහෙම වැඩක්.
ඒත් ඒ ලිපිය, දවසක් ඇතුළත, හිතුවෙවත් නැතිවිදියට අසීමිතව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව කල්පනා කරද්දි මට හිතෙන්නෙම මෙහෙමයි.
මේ දවස් වල එක සෞඛ්‍යසේවකයෙක්, තමන්ගෙ දවස ගතකරද්දි සිද්ධවුණු දේවල්, ඒ විදියට අපිළිවෙලට පෙළගස්සල ලියල දැම්මම එච්චර වයිරල් වෙලා යන්නෙ, ඒ කිව්ව තොරතුරු මිනිස්සු නොදන්න නිසා. නැත්තන් ප්‍රශ්නය ඒ මට්ටමේ ඇති කියල නොහිතපු නිසා. පහුගිය සතියක දෙකක කාලය ඇතුළත කොරෝනා තත්වෙ වඩා මාරාන්තික වෙනසක් ඇතිවෙලා තියෙනබව අතිබහුතරයක් දෙනා දැනගෙන හිටියෙ නැතිනිසා. එහෙම හිතුවම, ඒක මහජනතාවගේ දැනුවත්වීමට බලපෑව නිසා ලිව්ව සටහන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක එක්කෙනෙක්ගෙ හරි ජීව්තයක් බේරාවි.
හරි. දැන් කියන්නම් ඊට පස්සෙ ඊයෙ දවසෙ වෙච්ච කතාව.
………………………………………………………………..
ඊයෙ මම පුරුදු විදියටම වාට්ටුවෙ වැඩකරමින් හිටියා. වැල නොකැඩි ලෙඩ්ඩු. එක්කෙනෙක්ට පස්සෙ එක්කෙනෙක් එනවා. එනවා – බලනවා – අමාරුනම් කොහෙන් හරි හොයන් ඔක්සිජන් දානවා – අමාරු නැති යන්න පුලුවන් අය යවනවා. බැරි අය ඇඳක් යටට හරි යවනවා.
ඔය අතරෙ වාට්ටුවට කෝල් එකක් ආව. කොහොමත් මේ වාට්ටුවෙ දුරකථනෙට හැමතිස්සෙම කෝල්. කොරෝනා ලෙඩ්ඩුන්ව, අනික් ලෙඩ්ඩු වගේ ඇවිත් බලන්න බැරි නිසා හැමෝම දිගට හරහට වාට්ටුවට ඇමතුම් ගන්නවා.
මේ පාර මිස් කෙනෙක් ආන්සර් කරල, “ඩොක්ට, කෝල් එකක්” කිව්ව. ගිහින් බැලුවම අපේ රෝහලේම “එක්ස්චේන්ජ්” එකෙන්.
“සර්, මේ Cඓඪ් යෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?”
එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාල මෙච්චර මහන්සි වෙන හේතුව හොයල බලන්න.
“මම දැන් ——- වාට්ටුවෙ වැඩ. ඒ දෙන්න මෙතනට එවන්න. මම කතා කරන්නන්.” එහෙම කියල මම දුරකථනය තිබ්බා.
ආයෙත් ගිහින් අර කවුලුවෙන් අත් ඔබාගෙන, අලුතෙන් ආව ලෙඩ්ඩු පෝලිමේ ප්‍රෙෂර්, ඔක්සිජන් මට්ටම් බල බල ඉද්දි වාට්ටුවෙන් එළියෙ, ටිකක් ඈතට වෙලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හිනාවෙලා අත වැනුවා. මම ඔවුන්ට ටිකක් ඉන්න කියල, ලෙඩ්ඩු ටික බලලා ඉවරවෙලා එහෙම, එලියට ගිහින් ඔවුන් දෙන්නට කතා කලා.
ඒ කතාව ගියේ මෙහෙමයි.
…………………………………………………………………….
මම : එන්න. ඔයාල දෙන්නද අර Cඓඪ් එකෙන් කියල කිව්වෙ?
Cඓඪ් : (සිනාසෙමින්) ඔව් සර්.
මම : (සිනාසෙමින්) ආ. ඉතින් අර මම ෆේස්බුක් එකේ දාපු එක නිසා වෙන්නැතිනෙ ආවෙ?
Cඓඪ් : (සිනාසෙමින්) ඔව් සර්.
මම : කොළඹින්ද ආවෙ නැත්තන් මෙහෙද අවිස්සාවෙල්ලෙද?
Cඓඪ් : මෙහේ සර්.
මම : (සිනාසෙමින්) දැන් මෙහෙන්ද කිව්වෙ ඒක බලන්න කියල නැත්තන් කොළඹින්ද ආවෙ ඕඩරේ?
Cඓඪ් : මෙහෙන් නෙමෙයි සර්.
මම : හරි. දැන් මොනවද ඔයාලට හොයන්න කිව්වෙ? ඒ ලියපුව බොරුද කියලද?
Cඓඪ් : අනේ නෑ සර්. ඪෛඝ් මහත්තයා කිව්වෙ, මේක ලිව්ව ඩොක්ටගෙ මානසික තත්වය පොඩ්ඩක් බලන්න කියල, ඒ ඩොක්ට ආතතියෙන්ද ඉන්නෙ කියලා බලන්න කියලා. (අහිංසක ලෙස සිනාසෙයි)
මම : (හොඳින් සිනාසෙයි)
හරි. ඒක ඉතින් ඔයාල ලියල යවන්න. මම කියන්න ඕනෙ නෑනෙ නේද. ඕව කෙරෙන හැටි අපි දෙන්නම දන්නවනෙ නේ.
ඊට අමතරව මොනවත් දැනගන්න තියේද?
Cඓඪ් : සර්, ඇත්තටම අවිස්සාවේල්ලෙ කොරෝනා තත්වය ඔච්චරම දරුණුයිද සර්? අපිත් මේවයෙ ජීවත්වෙන මිනිස්සුනෙ.(අවංක මුහුණක්)
මම පසුගිය මාසය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම හා මරණ වැඩිවූ හැටි, වාට්ටුවේ පහසුකම් දියුණුවී ඇති ආකාරය, පසුගිය සතියේ සිදුවූ ලොකු වෙනස්කම් ආදී සියල්ලම විනාඩි 10 ක් අරගෙන ඔවුන් දෙදෙනාට පැහැදිලි කරදුන්නා.
ඊට පස්සෙ ඔවුන් දෙන්න මට ස්තුති කරල යන්න ගියා. මමත් ඔවුන්ට සමුදීලා ඊළඟට ආව ලෙඩ්ඩු පෝළිම බලන්න ගියා. මේ ටික සිද්ධවෙලා ඉවරවෙනකොට හවස 6.40 ට ඇති.
……………………………………………………………
ඔය දේවල් ඔක්කොම මැද්දෙ, කොහොමහරි අදත් උදේ වෙද්දි හත් දෙනෙක් ඇස් පියාගෙන තිබුණා!
– Najith Indika
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...