දේශීය පුවත්

13 වනදා දහවල් පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් වරක් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ තීන්දු තීරණ ගන්නා උදවිය මිනිසුන් අතරට පැමිණ රට විශාල මහනුවරක් වී ඇති ආකාරය නිරීක්ෂණය කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වායු සමනය කළ කාමර තුළ කේක් කමින් ගන්නා තීන්දු තීරණ නිවැරදි නොවන බවත් රට තුළ බරපතල තත්වයක් උද්ගතව ඇති බවත්ය.බලධාරින් රට වසා දැමීමට කටයුතු නොකරන්නේ නම් පුරවැසියන් ලෙස කල්පනා කරමින් ඉදිරි සටි දෙක හැකිතාක් නිවසටම වී ගත කර වෛරසය පාලනය කිරීමට ස්වයංව කටයුතු කරණ ලෙසත් උපුල් රෝහණ මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More