දේශීය පුවත්

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය බිය ගන්වන සුළු මට්ටමේ ඉහළ අගයක් ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝන මරණ අනුපාතය (CFR – Case Fatality Rate) දළ වශයෙන් සියයට පහකට(5.13%)කට මදක් වැඩි බවයි.

මෙය ලොව අන් රටවල් හා සසඳා බලන විට ද බෙහෙවින් ඉහළ අගයක්. නවසීලන්තය, භූතානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාදක කරගත් දත්ත සටහනක් ගෙන හැර දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ එම සංසන්දනයන් අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය අතිශය බැරෑරුම් මට්ටමක ඇති බවයි.

එමෙන්ම කොවිඩ් 19 පරීක්ෂණ මගින් හදුනා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශතය ද අනෙක් රටවල් හා සසඳා බලන විට ඉතා ඉහළ අගයක් ගැනීම ද අතිශය අවදානම් තත්ත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 24.70% ක් වැනි ඉතා ඉහළ මට්ටමකයි.

එය ද අනෙක් රටවල් හා සංසන්දනය කර බැලීමේදී බිය ගන්වන සුළු ප්‍රතිශතයක්.

නවසීලන්තය, භූතානය, සිංගප්පූරුව, වැනි රටවල මෙම ප්‍රතිශතය බිංදුවෙන් පහළ දැක්වෙන අතර අසල්වැසි ඉන්දියාවේ ද එය දැක්වෙන්නේ 2.40% ලෙසටයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට දී සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩු බැවින් හඳුනා නොගත් රෝගීන් විශාල ප්‍රමාණයක් සමාජයේ ඇති තත්ත්වයක් තුළ සිදු කරන සීමිත පී.සී.ආර් පරීක්ෂණ හරහා හෙළි වන මෙම කරුණු බරපතල සෞඛ්‍ය අවදානමක පෙර මග ලකුණු පෙන්වන බවයි.

ශ්‍රී ලංකාවේ මේවන විට එක් කොවිඩ් රෝගියෙකු හදුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6.3 වැනි ඉතා පහල අගයකයි.

කොවිඩ් පාලනය හොඳින් සිදු කරන නවසීලන්තය වැනි රටවල එක් රෝගියකු හදුනා ගැනීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ 4000 ඉක්මවා සිදු කරන තත්ත්වයක මෙම සංඛ්‍යා ලේඛන ද ලොමු ඩැහැ ගන්වන සුළු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

මේ සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය විවිධ අර්ථකථන ලබා දෙමින් නිදහස්ට කරුණු කීවද, ශ්‍රි ලංකාවේ දිනකට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වසංගතය සාර්ථකව පාලනය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More