කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් වකුගඩු රෝගීන්ට කොවිඩ් එන්නත ලබා දීමට දෙදින වැඩසටහනක් අද සිට මාළිගාවත්ත වකුගඩු රෝහලේ දී ආරම්භ වනවා.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා නොගත් වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන් හා වකුගඩු බද්ධ කළ රෝගීන්ට පළමු මාත්‍රාව මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොවිඩ් එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව අද සහ ලබන 21 වැනිදා පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය තුළ අදාළ රෝගීන්ට පමණක් මාළිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...