දේශීය පුවත්

ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන කණ්ඩායම් ද සමඟ ඊයේ සවස ලුනාව රෝහලේ සිදුකළ හදිසි පරීක්ෂාවක දී කෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා යොදා ගන්නා සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් රුපියල් 2000.00 බැගින් වූ මුදලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පනස් හැවිරිදි අදාල පුද්ගලයා ලුනාව රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එන්නත් කාඩ්පත් සැකසීම සඳහා යම් යම් පුද්ගලයින් ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව පොලිසිය වෙත භාර දුන් අතර ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය හා එක් ව ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More