වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු – විදුහල්පතිවරු තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ අද (14) දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු කරන බවය.
සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බවද ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.
මේ අතර ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනු කමිටුව ඊයේ දිනයේත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබුණි.
ඒ අනුව තවත් සාකච්ඡා කිහිපයක් සිදුකිරීමට නියමිත අතර එම සාකච්ඡාවලින් අනතුරුව සිය අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...