රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ රෝහල්වලින් නිල නොවන මට්ටමින් ලැබෙන වාර්තා වාර්තා වලට අනුව දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවත්ය.
වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.
එහිදී ඔහු චෝදනා කරන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටයි.
එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45%කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් වෛද්‍යයවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...