අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසා සිටියේ ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමිවන බවයි.
“ඌරෙක් ගත්තොත් වෙළෙඳපොළ තුළ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත්, මනුෂ්‍යයාට එවැනි වටිනාකමක් දෙන්න බෑ. මේ වගේ තීරණාත්මක අවස්ථාවක පිරිවැය අඩුම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන.
රට ටික කාලයකට වසා දැම්මත් මේ භාණ්ඩ හා සේවා තොගය අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්නෙ නෑ. මියයන පුද්ගලයින් ගොවියෙක් වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකු වෙන්න පුළුවන්. දේශපාලනඥයෙකු වෙන්න පුළුවන්. විවිධ තරාතිරමේ සේවාවන් සමාජයට සපයන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. ඔවුන්ගේ අහිමිවන ජීවිත ප්‍රමාණයයි,
රට යම් කාලයකට වසා දැමුවහොත් අහිමිවන බිලියන ප්‍රමාණයයි සංසන්දනය කළාම තරාදියේ ජීවිතවල තිබෙන වටිනාකම වැඩියි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...