12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අබ,උළුහාල්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග හතක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස බදු පනවා තිබීමද ලුනු කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 40ක බද්දක් පැනවීමද විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයෙකු අප හා පැවසුවේ ආනයනික කිරිපිටි වලට පනවා තිබූ සියලු බදු ඉවත් කර වසරකට රුපියල් කෝටි 10000ක් අහිමි කරගනිමින් උළු හාල් අබ වැනි කුළු බඩු වලට බදු පැනවීම වත්ත බද්දට දී ඇස්සට දත නියවීම වැනි ක්‍රියාවක් බවයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...