දේශීය පුවත්

අගරදගුරු මැදුරේ ඊයේ(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි රටේ සමස්ත ජනතාවගෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පා එළඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටිති.

එහිදී උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීම සඳහා ජාත්‍යයන්තරය හමුවට යාමේ වැඩකටයුතු මේ වන විට අරඹා ඇති බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ජනාධිපතිතුමා වෙත යොමුකළේය.

එහෙත් එම ලිපියට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව සැහීමකට පත් නොවන බව සඳහන් කරමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවූ බව උන්වහන්සේ අනාවරණය කළෝය.

මාධ්‍යය සාකච්ඡාවට විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට නියෝජිතයින් ද කැඳවා තිබීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More