දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බවයි.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇති අතර බැංකු, කෘෂිකර්ම, සංචාරක, වරාය සහ ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පළාත් අතර සංචරණය සඳහා අවසර හිමිවනු ඇත.

රාජ්‍ය පුද්ගලික දෙඅංශයේ කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා තිබෙන අතර පුද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් බව යුද හමුදාපති වරයා පවසා සිටී.

යුද හමුදාපතිවරයා අවධාරණය කරණු ලැබුවේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නොමැති වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ව පොදු ස්ථානවලදී පරීක්ෂා කිරීම ලබන සැප්තැම්බර් 15වන දිනෙන් පසු සිදුකිරීමට කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී තීරණය කළ බවයි.

කෙසේ වුවද අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

https://youtu.be/9dB37qQNcR4?t=5



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More