දේශීය පුවත්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව ගෑස් සමාගමක් ආරම්භ කර ඒ් හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීම සඳහා බලශක්ති ආමාත්‍යාංශයට බලය පැවරීමට 09 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.

ඒ් අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More