දේශීය පුවත්

දිගින් දිගටම ඉන්දීය ධීවරයන් මෙරටේ මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වීම හා මෙරට ධීවරයන්ගේ දැල් අම්පන්නවලට හානි සිදු කිරීම සිදුවන අතර එම කටයුතු නතර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පළක් නොවීය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගිය සති දෙක තුළ ඩෙල්ෆට් පත් අශ‍්‍රිත ධීවරයන්ගේ කෝටි දෙකකට අධික දැල් ආම්පන්නවලට සිදු කළ හානිය ලබා ගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡුා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් යාපනයේ පිහිටි කාර්යාලයේදී යාපනය දිස්ත‍්‍රික් ධීවර සංගම් හමුවේදී ප‍්‍රකාශ කරන ලදී.

මෙම හමුවේදී ධීවර සංගම් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද්දේ දැනට වසර ගණනාවක සිට ඉන්දීය ධීවරයන් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු නිසා තම කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, මේ පිළිබ`ද රජයේ අදාළ අංශ දැනුවත් කළ ද මේ සම්බන්ධව කිසිදු විස`දුමක් නොලැබුණු බවත් ය. පසුගිය සති දෙක තුළ පමණක් ඩෙල්ප් දූපත් අශ‍්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ දැල් ආම්පන්නවලට හානි සිදුකර ඇති බව පෙන්වා දුන් සංගම්, එම ධීවරයන්ගේ රැකියාව කරගෙන යෑමට හැකි පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටියේය. තවද මෙම ප‍්‍රදේශය තුළ ඉන්දීය ධීවරයන් සුරුක්කු දැල් හා ඩයිනමයිට් යොදා මසුන් මැරීම සිදු කරන බවත් ඒ මගින් මත්ස්‍ය සම්පතට දැඩි හානි සිදුව ඇති බැවින් එම කටයුතු නතර කිරීමට කටයුතු කරන ලෙසත්, පසුගිය කාලයේ සිදු වූ කුණාටුව නිසා හානියට පත් ධීවරයන්ට වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසා සිටියේ රට පුරා සිටින ධීවරයන්ට හ`දුන්වා දීමට යෝජිතව ඇති නව නීති රීති අනුව යාපනයේ දිස්ත‍්‍රික්කයේ අඟල් 3 හා 5 දැල් භාවිතා කර නාවික සැතපුම් 16 කින් ඔබ්බට සුරුක්කු දැල් යොදවා ධීවර කර්මාන්තයේ යෙදීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් ය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී කටයුතුවලට ඉදිරියේදී ස්ථිර විස`දුමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත්, ඩෙල්ප් දූපත් අශ‍්‍රිත ධීවරයන්ට සිදු වූ අලාභහානි පිළිබ`දව සොයා බලා ඔවුන්ට සහන සැලැසීමට කටයුතු කරන බවත් ය. තවද ධීවර සම්මේලනයේ හා ධීවර සංගම්වල සහයෝගය මත මුහුදේ දී සිදු කරන නීති විරොධී ධීවර කටයුතු නතර කිරීමට ද හැකියාව පවතින බව පැවසීය.

දිවයින 2021/08/13



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More