දේශීය පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාමට නියමිතය.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින් අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාර දී ඇති බවද වාර්තාවේ.

අදාළ වාර්තාව මගින් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර ඇති අතර සංචරණ සීමා දැඩි කිරීම, පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, සුළු කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම, සියලුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම, මහජන ඒකරාශි වීම් වැළැක්වීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ නිවැරදිව ලබාදීම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට කඩිනමින් එන්නත් ලබාදීම යන නිර්දේශ ඒවා අතර ප්‍රමුඛ වෙයි.

අදාල වාර්තාව සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් මෙන්ම ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සහභාගි වී තිබේ. පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාර ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් එම කණ්ඩායමට ඇතුලත් වේ. අසිත ද සිල්වා, රජිව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන්ද මෙම වාර්තාව සකස් කිරීමට එක්වී ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More