දේශීය පුවත්

ඊයේ(12) දින මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අනුපාතය වාර්තා වීමත් සමඟ තත්වය නරක අතට හැරෙන බවට බොහෝ පාර්ශව වලින් අදහස් ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් වෙබ් අඩවිය විමසනු ලැබීය. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ, ” දණ්ඩ නීති සංග්‍රහයේ 2වන වගන්තිය අනුව වගකීමෙන් බැඳී සිටින අයෙකු වගකීම පැහැර සිටීමද අපරාධ වරදක් විය හැකියි. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව සාපරාධී නොසැලකිලිමත්භාවයද අපරාධ වරදක්. පොලිස්පති ලෙස පූජිත ජයසුන්දර මහතා තමාට ලැබී තිබුණ තොරතුරු අනුව තම නිල බලය භාවිතා භාවිතා නොකිරීම නිසා අද වරදකරුවෙකු බවට පත්ව තිබෙනවා.නිරෝධායන පනත යටතේ වසංගතය පාලනය කිරීම සඳහා බලය පවරා ඇත්තේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයාටයි. එම බලය හමුදාපතිවරයාට හෝ මුදල් අමාත්‍යයවරයාට  ලබාදී නැහැ.ඒ අනුව එම බලය භාවිතා කොට වසංගතය පාලනය නොකිරීමේ වරදට සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා වරදකරුවෙකු විය හැකියි.මේ වන විට චීනයේ එවැනි නිලධාරින් 47 දෙනෙකුට එරට රජය විසින් දඬුවම් කිරීමට කටයුතු කරමින් සිටින බවට ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා පවසනවා.ඒ නිසා ඔහු තම නිර්දේශ විවෘතව සියළු පාර්ශව වලට සහ මහජනයාට දන්වා සිටීම ඔහුගේ නිර්දෝශීභාවයට හේතුවනු ඇති.” යනුවෙන් පවසා සිටියේය.



One thought on “පූජිත් ජයසුන්දරට සිදුවූ දේ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්ටත් සිදු විය හැකියි- ජාතික සංවිධාන එකමුතුව”

  1. This statement is quite right and perfectly in order. When observe , Sri Lanka appeared to be in worst Social and economic syndrome worst than the war time due to epidemic infection. We noticed, even small countries, adopt simple techniques to educate general public. All Public places like Bus and Railway Stations, Busy City business centers etc., equipped with public address systems reminds the danger of covid an to follow health precautionary system, over day/night. Because people always forget to comply safety standards. In Sri Lanka, we not have these simple mechanism to make awareness. Sometime these PAS drive may be humorous to Sri Lankans but Covid never be contained unless people comply rules.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More