අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (12) පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්වීය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන සාකච්ඡා පැවැත්විණි.
මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව, එළඹෙන සතිය තුළ තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කළේය.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගනු ඇත.
කමිටුව වෙනුවෙන්,
ඩලස් අලහප්පෙරුම (විදුලි බල අමාත්‍ය )
විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය )
මහින්ද අමරවීර (පරිසර අමාත්‍ය )
ප්‍රසන්න රණතුංග (සංචාරක අමාත්‍ය)
2021.08.12
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...