දේශීය පුවත්

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන ලෙස ඉල්ලා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මහොමඩ් මුසම්මිල් මහතා ලිපියක් යවා තිබේ. එම සම්පූර්ණ ලිපිය පහතින්…
ලසන්ත අලගියවන්න මහතා,
සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය,
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යෙදීම

මෙරට ගෑස් වෙළඳපොළින් 20% – 25%ක ප්‍රමාණයක්, එනම් ස්ථාවර පාරිභෝගිකයන් ලක්ෂ 20ක් පමණ සිටින ලාෆ්ස් ගෑස් සමාගම මේ වන විට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නවතා ඇති හෙයින් එම පාරිභෝගිකයන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි. එහෙත් මේ පිළිබඳව ඔබතුමන්ගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් එකී අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මෙසේ ස්ථාවර පාරිභෝගික පිරිසක් සහිත භාණ්ඩයක් මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත, එය වෙළඳපොළට නිකුත් කිරීම නතර කිරීම, සදාචාර විරෝධී ක්‍රියාවක් පමණක් නොව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය වරදක් ද වේ.

පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට විකිණීම ආදී චෝදනා පිරික්සමින් කුඩා වෙළඳසැල් වෙත පවා පැමිණෙන, ඇතැම් අවස්ථාවලදී එවැනි පරික්සා බැලීම් සඳහා ජනමාධ්‍යයන්හි ද විශාල ඉඩක් වෙන්කර ගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යම් සමාගමක් මෙසේ සුවිශාල පාරිභෝගික ජනතාවක් බලවත් අපහසුතාවකට පත් කර ඇති අවස්ථාවක නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ඔබතුමන් යටතේ පවතින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවකට පත් වන්නේ අප සියලුදෙනා නියෝජනය කරනු ලබන ආණ්ඩුව ය. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන කඩමින් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට පිළියම් යොදන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි
මෙයට
විශ්වාසී

මොහොමඩ් මුසම්මිල්(පා.ම.),
මාධ්‍ය ප්‍රකාශක,
ප්‍රචාරක ලේකම් ,
ජාතික නිදහස් පෙරමුණ.
2021.08.08



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More