ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදය සහ අනුක වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක චන්දිම ජීවන්දර මහතා පවසා සිටින්නේ ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින් මානව සංචරණය සීමා කිරීමට දැඩි ක්‍රියා මාර්ග ගත යුතු බවයි. ඒ මහතා පෙන්වා දෙන්නේ අපේ රටේ මිනිසුන් ආහාර අහේනියෙන් මිය නොයන බවත් ඔක්සිජන් අහේනියෙන් මිය යාමට නියමිතව ඇති බවත්ය.
මේ අතර මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බවයි. ඒ මහතාට අනුව විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, කාය වර්ධන මධ්‍යස්ථාන වැනි දේ පැවැත්වීමට ඉඩ නොදිය යුතුයි. වෛරසය බෝවන සියලු මානව ක්‍රියාකාරකම් ඉදිරි සති දෙක තුළ දැඩි ලෙස සීමා කළ යුතුයි. එහිදී මහාචාර්යවරයා අවධාරණය කරණු ලැබුවේ කළ යුත්තේ “ලොක්ඩවුන්”කිරීම නොව ” ලොකප්”කිරීම බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...