දේශීය පුවත්

ජංගම එන්නත්කරණය අද (12) සිට ආරම්භ වන අතර, එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වල සිටින වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ඇතුළු එක්තැන්ව සිටින පුද්ගලයින් සඳහා මෙම වැඩසටහන යටතේ එන්නත්කරණය කිරීම ක්‍රියාත්මක වන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භවීමට නියමිතය.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබේ.

මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

එමෙන්ම යුද හමුදාව විසින් කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යෑමට නියමිතය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 60ට වැඩි අය සඳහා එන්නත්කරණය සිදු කිරීමටත්, නොයෙකුත් ලෙඩ රෝග ඇති පුද්ගලයින් සඳහා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සුදුසු එන්නතක් ලබාදෙන දීමත් තවදුරටත් සිදු කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඒ් අනූව,

කළුතර නාගොඩ රෝහල
නාරාහේන්පිට යුද හමුදා රෝහල
ගම්පහ රෝහල යන ස්ථාන වලදී මෙම

එන්නත්කරණ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව සඳහන්.ජනතාවට හැකි ඉක්මනින් එන්නත ලබා දීම අරමුණ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More