දේශීය පුවත්

ලංගම සේවකයන්ට කළුතර රියැදුරු පුහුණු පාසලේදී ප්‍රතිකාර

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය අසූ පස් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

කොවිඩ් වයිරසය ආසාදිත ලංගම සේවකයන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල කළුතර රියැදුරු පුහුණු පාසල් පරිශ්‍රයේ දී හෙට (13 වැනිදා) විවෘත කෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පවතින වසංගත තත්ත්වය මත පොදු ප්‍රවාහනය යොදා ගත යුත්තේ රාජකාරී හෝ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් පළාත් අතර ගමන් කරන්නන් පමණක් බවත් එවැනි අවශ්‍යතා නොමැතිව ගමන් කරන්නන් ආපසු හරවා යැවීමට පියවර ගන්නා බවත් දිලුම් අමුණුගම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More