දේශීය පුවත්

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ වෙන් කර තිබූ සොහොන් භූමිය පිරී අවසන්ව ඇති හෙයින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතාට අනුව ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුක්ත වන අතර මෙම භූමියෙහි කොවිඩ් මෘතදේහ දෙදහස් හාරසීයක් (2400) පමණ භූමදානය කිරීමේ හැකියාව පවතී.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම භූමිය මෘතදේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික කමිටුව අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් පවසා සිටී.

මේ වනවිට කොවිඩ් මෘතදේහ භූමදානය කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ඔට්ටමාවඩි සුසාන භූමියේ තවත් මෘතදේහ තුන්සීයක පමණ ප්‍රමාණයක් පමණක් භූමදානය කිරීමට හැකි බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා අවධාරණය කර සිටී.

මේ අතර ඔට්ටමාවඩි සුසාන භූමියේ වාර්තා වලට අනුව පසුගිය 10 වැනිදා පෙරවරුව වන විට  මෘතදේහ එක්දහස් හාරසිය හැත්තෑවක් (1470) භූමදානය කර තිබේ.

එම කොවිඩ් මෘතදේහ අතර මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ එක්දහස් තුන්සිය අසූ තුනක් (1383), බෞද්ධාගමිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24), හින්දු ආගමිකයන්ගේ මෘතදේහ තිස් නවයක් (39) සහ කතෝලික භක්තිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24) තිබෙන බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More