ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටින්නේ සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව යි.
එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතාට අනුව දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නේ ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි.
හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...