දේශීය පුවත්

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටින්නේ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත්කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තමන්ට සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි.

කෙසේ වුවද වැටුප් විෂමතාවයට එරෙහිව ගුරුවරු සහ විදුහල්පතිවරු දිවයින පුරා සංවිධානය කළ උද්ඝෝෂණ හා පෙළපාලි මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතාදමා තිබෙන බවද මාධ්‍යය වාර්තා පවසන අතර මේ වන විට ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් වර්ජනය අරඹා අද වනවිට දින 30ක් ගතවී තිබේ.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයකර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත්කිරීමට පත්කෙරුණු කැබිනට් අනුකමිටුව වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙතෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති චෝදනා කරති.

මේ අතර, එම කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටින්නේ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරිමට නොහැකිවනු ඇති බවත් අදාළ ඉල්ලීම් පිළිබද සාකච්ඡාකිරිම සඳහා එම අමාත්‍ය කමිටුව පළමුවරට අද(12) දිනයේ රැස්වීමට නියමිත බවත් ඊයේ(11) පැවැති මාධ්‍ය හමුවකදි මහින්ද අමරවීර අමාත්‍යවරයා අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More