දේශීය පුවත්

කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගතවී ඇති වාතාවරණය පිළිබඳව අනාවරණය කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා,

“කොවිඩ් ආසාදිත අය මරණයට පත්වන වේගය සලකා බැලීමේ දී මේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු පිළිබඳ ව අපට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. රටේ අවාසනාවකට කොවිඩ් සම්බන්ධයෙන් වැඩ කරපු විශේෂඥයින් රැල්ලෙන් රැල්ල පැත්තකට කරා. කොවිඩ් රැලි 4ක් එනකොටත් ඉතිරිවෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට හමුදාපතිවරයා සහ බුද්ධි ප්‍රධානියා විතරයි. ජනාධිපති තුමාගෙන් ඉතා ම ආයාචනාත්මක ව ඉල්ලා සිටිනවා ඔබ තුමාට මේ රටේ වෛද්‍ය විශේෂඥයින් කියන දේ අහන්න බැරි නම් ඔබ තුමාගේ කැබිනට් එකේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් සහ කොවිඩ් රාජ්‍ය අමාත්‍යවරිය කියන දේටවත් ඇහුම්කන් දෙන්න.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More