අභිනව මුදල් ඇමතිවරයා විසින් කිරි පිටි ආනයනය සඳහා බදු සහන ලබා දීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා ” මේක මුදල් අමාත්‍යාංශය සහ කිරිපිටි ආනයනික සමාගම් පූර්ණ අවබෝධයෙන් යුතුව සෙල්ලම් කරන ක්‍රීඩාවක්. සමාගම් මිල වැඩි කිරීමක් ඉල්ලමින් කිරි පිටි ආනයනය නවත්වන බවට තර්ජනය කරනවා. ඊට සමාන්තරව ආණ්ඩුව පාර්ශවයෙන් පොරොන්දුවක් දෙනවා මිල වැඩි කරන්න එපා බදු සහනය දෙන්නම් කියලා. ඒ අනුව කිරිපිටි ආනයනය කරණ සමාගම් මේ වන විට ආනයනය කර ඇති කිරි පිට් කිලෝ ග්‍රෑම් ලක්ෂ පනහක් පමණ වන ප්‍රමානය වරායෙන් නිදහස් කර නොගෙන තබා ගන්නවා බදු සහනය ලබා දෙන තෙක්. මේ බදු සහනය සුළු පටු ගනණක් නොවෙයි. ආසන්න වශයෙන් රුපියල් කෝටි දාහක් වත් විය යුතුයි. ඒ අනුව මෙම විශාල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම බදු සහනය ලබා දුන් අයට ලැබෙනවා කියන කාරණය අත දරුවෙකුට වුනත් තේරෙනවා. ආනයනික කිරිපිටි වලට බදු සහනය දෙනවා නම් එසේ ලබා දෙන බදු සහනය කොපමණද? ඉන් ආණ්ඩුවට සිදුවන පාඩුව කොපමණද ? ඒ මගින් මහජනයාට ලැබෙන සහනය කොපමණද? කියන කාරණා එලිදරව් කළ යුතුයි. එහෙම නොකියන්නේ මේ බදු සහනය ලබා දීමේ අරමුණ කොමිස් ලබා ගැනීම වන නිසාමයි. ආනයනික කිරි පිටි වලට බදු සහන දෙන ගමන් දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල වැඩිකරන්න බැහැ. එහෙම දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල වැඩි නොකළොත් දේශීය කිරි ආර්ථිකය වැටෙනවා. ගොවියා දිරිමත් වන්නේ නැහැ. මේ වගේ මෝඩ ක්‍රියා මාර්ග ගැනීමෙන්ම තේරෙනවා මේ ආණ්ඩුවට රට මුහුණ දෙන ආර්ථික අර්බූදයෙන් රට ගොඩ ගැනීමට නොහැකි බව.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...