කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි නව භූමියක් තෝරාගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුතු බවයි.ඊයේ (10 වැනිදා) පෙරවරුව වනවට ඔට්ටමාවඩි සුසානභූමියේ මෘතදේහ එක්දහස් හාරසිය හැත්තෑවක් (1470) භූමදානය කර තිබේ.
එම කොවිඩ් මෘතදේහ අතර මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ එක්දහස් තුන්සිය අසූ තුනක් (1383), බෞද්ධාගමිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24), හින්දු ආගමිකයන්ගේ මෘතදේහ තිස් නවයක් (39) සහ කතෝලික භක්තිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24) වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...