තිස්ස අත්තනායක මහතා විසින් පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණු කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව අදාළ කෙටුම්පත සම්බන්ධව රටට කරුණු ඉදිරිපත් කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් අද කොළඹදී මාධය හමුවක් කැඳවා තිබුන්ණු අතර එම මාධ්‍යය සාකච්ඡාවට ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, නීතීඥ කල්‍යාණන්ද තිරණාගම මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා එක්ව සිටියා.
එහිදී වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින්,
”ඒ.එන්.එම් අසීම් නැමැති පුද්ගලයකු විසින් පවත්වගෙන යන “මානව හිමිකම් සංවිධානය” නැමති ආයතනයක් සංස්ථාපනය කරන්න ජාතික සමගි ජන බලවේගයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනවක් වශයෙන් තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා පාර්ලීමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් ඇම්තිවරයකුගේ ආශිර්වාදය නැතුව පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් පණත් කෙටුම්පතක් දක්වා යන්නේ නෑ. කවුද ඉන්නේ, මොනවද මේ තාක් කලේ කියලා දන්නේ නැති සංවිධානයකට අති ව්ශාල බලයක් දීලා තියෙනවා. මේ ආයතනයට පුළුවන් රාජ්‍ය ආයතන වලට මැදිහත් වෙන්න. රාජ්‍ය ආයතන වල ඉන්නෙ ජනතාවගේ විධායක බලය මත විධිමත්ව පත් කරන ලද නිළධාරින්. ඒ අයගේ කටයුතු වලට මැදිහත් වෙන්න මේ වගේ ආයතනයක පුද්ගලයන්ට තිබෙන බලය කුමක්ද? ඉදිරියේදි ඉස්ලාමීය අන්තවාදය හෝ බෙදුම්වාදය සම්බන්ධ ගැටුමක් ඇති වුවහොත් රාජ්‍යය අකර්මණ්‍ය කිරිමට මෙම ආයතන යොදා ගැනීමේ බරපතල අනතුරක් තියෙනවා. එවැනි අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න බැරිවෙන්න තිරිංග දාන්න තමයි මේ වගේ ආයතන නිර්මාණය කරන්නෙ. මේක තනි සිදුවීමක් නෙමේ. සිදුවීම් මාලවක කොටසක්. මේ කෙටුම්පත මේ ආකාරයෙන්ම 2013 දි රිෂාඩ් බදුරදීන් මන්ත්‍රිවරයාගෙ ගෝලයෙක් වෙන යූනුස් ෆාරුක් පාර්ලිමේන්තුවට ගෙනාවා. එදා මහින්ද රාජපක්ෂ රජය ඒ අනතුර දැකලා ඒක නැවත්තුවා. ඊළගට 2015 දි ආයේ මේක ගේනවා මඩකළපුවේ අලී සහිර් කියන මන්ත්‍රිවරයා. ඒ නිසා මේක කාගේ උවමනාවක්ද කියන එක පැහැදිලියි. ආණ්ඩුව මේ ක්‍රියාවලියේ සමස්තය දකින්න අසමත් වෙලා තියෙනවා. අපි ඒ නිසා ගෝලීය ශ්‍රි ලංකා සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව හැටියට මේ කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කලා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙහිදි අදහස් දැක්වු ගෝලීය ශ්‍රි ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා,”මේ සංවිධානයේ නමම ප්‍රශ්නයක්. මානව හිමිකම් සංවිධානය කිවුවම ඒක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග පැටලෙන්න පුලුවන්. සමාගම් ලියාපදිංචි කිරිමේ දි හරි සමිති ලියාපදිංචි කිරිමේදි හරි එක හා සමාන නම් වලින් ව්‍යාපාර හා සමිති සමාගම් ලියාපදිංචි කරන්න දෙන්නේ නෑ, මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නැත්නම් මානව හිමකම් කඩවීමකින් අගතියට පත් වුන පාර්ශවයකට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. මේ වගේ කෙටුම්පතක් අදාල විෂය භාර අමාත්‍යවරයා හරහා නැතුව පෞද්ගලික මන්ත්‍රිවරයෙක් හරහා ඉදිරිපත් කිරිම පස්සා දොරෙන් රිංගීමක් වෙන්න පුළුවන්. දැන් මානව සංවිධාන හතු පිපෙන්නා වගේ බිහි වෙනවා. දැන් මේ සංවිධානය ගිහිල්ලා ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් දුන්නොත් ඒක රාජ්‍යයට අනුබද්ධිත ආයතනයක් බවට ආවේශ්‍ය වෙනවා. ඒකට රාජ්‍යමය වටිනාකමක් ලැබෙනවා. මේ හදන්නේ අතුරු දහන් වු පුද්ගලයන්ගේ කොමිසම වගේ රටට , රණ විරුවන්ට එරෙහිව මානව හිමික තොරතුරු රැස්කිරිමේ සහ චෝදනා කිරිමේ ෆැක්ටරියක් බිහි කරන්න. මේ ආයතනය කාටද වගකියනේ. කාටද මේ ආයතන උත්තර දෙන්නේ. මේ ආයතනයට ලැබෙන මුදල් සහ එහි ක්‍රියාකාරිත්වය නියාමනයට අයිතිය තියෙන්නෙ කාටද? මානව හිමිකම් කොමිෂම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. මේ ආන්ඩුව බලයට ආවේ විදේශ රාජ්‍යයන්ගන් පොම්ප කරන ඩොලර් වලින් මෙරට තීන්දු තීරණ ගන්න තැන් වලට ජන මතයට බලපෑම් කරන රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කරන්න. ඒත් මේ ආයතනය සම්බන්ධයෙන් එහෙම කිසිම බලයක් රජයට නෑ. ඒ විතරක් නෙමේ මේ කෙටුම්පතේ 07 වන වගන්තියෙන් මේ සංවිධානයේ නිළධාරින්ට රාජ්‍ය නිළධාරින්ගේ සහ පොලිසිවල කටයුතුවලට මැදිහත් වෙලා ගැටලු නිරාකරණය කරන්න බලය ලබ දෙනවා. යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට පොලිසියට , මානව හිමිකම් කොමිසමට යම් පාර්ශවයක් නියෝජනය කිරිමේ හැකියාව තියෙනවා. ඒත් නීරාකරණය කරන්න බලය දෙන්නේ කොහොමද? නිරාකරණය කරනවා කියන්නේ යම් අවසාන තීරණයක් දෙනවා කියන එකයි. ඒක විධායක හෝ අධිකරණ ක්‍රියාවලියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 සහ 4 වන ව්‍යවස්ථාවලින් පැන නගින ඒ බලතල මේ වගේ මානව හිමිකම් නමින් පෙනි සිටින වර්ගවාදි සංවිධානවලට ලබා දීම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමක්.” යනුවෙන් පැවසුවේය.
ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රි ලංකා සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගෙන ආ මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම අද දින විභාගයට ගනු ලබන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...