හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
පානදුර පොලිසිය පැවසුවේ, අද පස්වරු 5.40ට පමණ අදාළ කාන්තාවගේ මළ සිරුර පානදුර රෝහලට භාර දුන් බවය.
එම කාන්තාව පානදුර, අළුබෝමුල්ල, ජනප්‍රිය මාවතේ පදිංචිකාරියක බවට ද පොලිසිය හඳුනාගෙන තිබේ.
අසුනට හේත්තු වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැක සිතී බස් රථයේ සහයකයා ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබෙනු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව කොරෝනා වෛරස් අසාදිතයෙකු ද යන්න දැන ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද පානදුර පොලිසිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...