නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් වල කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරිම වහාම ආරම්භ කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(10) පෙරවරුවේ නියෝග කළාය.
ඒ අනුව, නැගෙනහිර පළාතේ කප්පල්තුරේ, කින්නියා, පුදුකුඩුඉරිප්පු සහ අඩ්ඩාලච්චේන යන ආයුර්වේද මහ රෝහල් වල මෙම ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.
ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආර්.ශ්‍රීධර් මහත්මිය සහ ආණ්ඩුකාරවරිය අතර අද (10) පෙරවරුවේ පැවති විශේෂ හමුවකදී මෙම තීරණයට එළඹිණි.
විඩ් රෝගින්ට ප්‍රතිකාර කරන එම ආයුර්වේද මහ රෝහල් වල දැනට ඇති අඩුපාඩු සොයා බලා එම අඩුපාඩු කඩිනමින් සපුරා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නාය.
ඒ අනුව එම රෝහල් වල කොවිඩ් රෝගීන් 270 කට ප්‍රතිකාර ලබා දීම සදහා අවශ්‍ය පහසුකම් ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...