මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් සී-50 (C-5) ලේඛනය අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ලබානොදුන් කොටසක් වන සී-50 (C-5)යටතේ මෙම තොරතුරු අන්තර්ගතව ඇතැයිද වාර්තා වෙයි.
මෙම තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයට දැනුම්දී තිබුණද, ඊයේ (04) වන විටත් එය පාර්ලිමේන්තුවට ලැබී නොතිබිණි.
අද (05) දිනයේදී සී-50(C-5) වාර්තාව කථානායකවරයාට ලැබීමට නියමිතව ඇති බවට වාර්තා වන අතර එය අද දිනයේදී කථානායකවරයාට ලැබුණොත් එය අද දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේ වුවද, අර්ජුන ඇලෝසියස් මහතාගෙන් හෝ එම සමාගමෙන් මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ සඳහන් නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...